(ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
පොතුවිල් සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක උඩුකය නිරුවත්ව, අඩනිරුවතින් ගමන්ගත් තායි ජාතික කාන්තාවට මාස එක හමාරක සිරදඬුවමක් නියම කළ පොතුවිල් මහේස්ත්‍රාත් ඒ. එල්. එම්. හිල්මි මහතා වසර පහකට අත්හිටවන ලෙස නියම කළේය.
ප්‍රධාන මාර්ගයක අවිනීත හැසිරීම සහ මහජන හිංසාව, යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිලිගත් බැවින්, පළමු චෝදනාවට සති දෙකක සිර දඩුවමක් ද දෙවන චෝදනාවට මාස එකක සිර දඬුවමක් නියම කළේය. එම දඬුවම් වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.
මෙලෙස දඬුවම් නියමවූයේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ සිටි තායිලන්ත ජාතික 26 හැවිරිදි රත්නමානි නපාට් සෝන් නැමැති කාන්තාවකටය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
උපන් ඇඳුමෙන් ගිය තායි කතට වසර පහක අත්හිටවූ සිරදඬුවමක්
de silva Wednesday, 16 July 2025 01:38 PM
සාධාරණ තීන්දුවක්, තායිලන්තේ වුණත් ප්‍රසිද්ධ මාර්ගවල අඩ නිරුවතින් ගමන් කරන එක නීති විරෝධියි, මෙවැනි කරුණු ගැන සංචාරකයෝ දැනුවත් කරන්න අදාල ආයතන කටයුතු කරන්න ඕනේ...
don Wednesday, 16 July 2025 04:33 PM
කට දිහා බලපුවාම පෙනෙන්නේ කුණු ගඳ ගහන ගුහාවක් වගේ...
MindZap Wednesday, 16 July 2025 05:06 PM
යටි කය නිරුවත්ව ගියා නම් තව වැරදියි කියන්න වත් පුළුවන්. අඩේ! පිරිමියෙකුට උඩට මුකුත් නැතුව ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. කාන්තාවක් එහෙම ගියොත් කේස්. පිරිමින්ට උඩු කයට මුකුත් නැතුව ගෙදර ඉන්න, වත්තේ පිටියේ වැඩ කරන්න පුළුවන්. කවුරුත් සත පහකට ගණන් ගන්නේ නැහැ. ගැහැණු බ්‍රා එකක් නැතුව නයිටියක් ඇන්දත් වැරැදියි.